July 23, 2025

ජූලි 22 වැනි දින වාරියපොළ හිම්මාලිය ප්‍රදේශයේදී අධිබලැති එකලස් කරන ලද යතුරුපැදි හතරක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 24 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටළීම සිදුකර තිබේ.

යතුරුපැදි තුනක් රේගු බදු නොගෙවා රට තුළට නීතිවිරෝධී ලෙස ගෙනැවිත් ඇති අතර, සිව්වැන්න ලියාපදිංචි නොකළ එකක් වේ.

ඒවායේ ව්‍යාජ බලපත්‍ර තහඩු සවිකර ඇතැයි වාර්තා වේ.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වාරියපොළ පොලිසියට භාරදී ඇත.