November 19, 2026

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ රඳවා සිටි රැඳවියකගේ මාස තුනක බිලිඳියක් මව්කිරි පිට උගුරේ යාමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා මගින් ලබාගැනීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝරාජ් මහත්මිය කටයුතු කර තිබේ.

තවද, අනාගතයේදී මෙවැනි ඛේදවාචක සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයට මෙන්ම පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට ද අමාත්‍යවරිය විසින් උපදෙස් නිකුත් කර ඇත.