
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ පිරිමි පාසලක සිසුන් තිදෙනකුට සිදු වූ බව කියන ලිංගික අපයෝජන සිද්ධියක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අවධානයට යොමුකළේය.
එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඔක්තෝබර් 04 වැනි දින පාසලට අනුයුක්ත ආරක්ෂක නිලධාරියකු විසින් ඔවුන්ට ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගේ අවධානය යොමුකිරීමට උත්සාහ කළ ගුරුවරුන් දෙදෙනෙකුට විදුහල්පතිවරයා තර්ජනය කර ඇති බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.
“මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව, බලපෑමට ලක් වූ දරුවන් සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිසිදු පියවරක් ගෙන නැහැ. මෙම දරුවන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරලත් නැහැ. අදාළ ආරක්ෂක සමාගමට හෝ අදාළ ආරක්ෂක නිලධාරියාට එරෙහිව කිසිදු පියවරක් අරගෙනත් නැහැ” ඔහු පැවසීය.
ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකිරීමට උත්සාහ කරන විට, දරුවන් අධිකරණයට ගෙන යා යුතු බවත්, නඩුව වසර කිහිපයක් ගතවනු ඇති බවත් මාපියන්ට දන්වා ඇති බව විපක්ෂ නායකවරයා හෙළිකළේය.
මෙම සිද්ධියට එරෙහිව පාසල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සැලසුමක් පවතින බව පෙන්වාදුන් විපක්ෂ නායකවරයා, රජයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
එහිදී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය දැනටමත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
“ළමුන්ට ශාරීරික හෝ මානසික හිංසනයක් සිදුකරන ඕනෑම සිදුවීමකට එරෙහිව රජය දැඩි පියවර ගන්නවා. නීතිමය ක්‍රම මගින් පමණක් නොව, දරුවන්ගේ ආරක්ෂාව සඳහා අමාත්‍යාංශ තුළින් ද ක්‍රියාමාර්ග ගන්නවා. බලධාරීන්ගෙන් දැඩි ප්‍රතිචාරයක් ලැබීමෙන් පමණක් අනාගතයේදී එවැනි සිදුවීම් වළක්වාගත හැකියි” අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart