June 5, 2025

රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුවය.

අදාළ බැංකු ශාඛාවේ උකස් අංශයේ සේවය කළ සැකකාරියන් කැරට් 24 රත්‍රන් බව අඟවා ව්‍යාජ රන් භාණ්ඩ උකස් කර එම මුදල් වංචා කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊට සම්බන්ධ ව්‍යාරිකයකු ද මේ වනවිට විදේශගත වී ඇති බව පොලිසිය පවසයි.

ජාවාරමට සම්බන්ධ තවත් බැංකු නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.