
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටෙස්ලා ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් ප්රකාශ කර ඇත්තේ, විද්යා ප්රබන්ධ සහ කාටූන්වලට පමණක් සීමා වී තිබූ පියාසර කිරීමට හැකි මෝටර් රථයක් හඳුන්වා දී ඇති බවයි.
මස්ක්ගේම තවත් ප්රසිද්ධ සමාගමක් වන ස්පේස් එක්ස් ආයතනයට අයත් ටෙක්සාස් පරීක්ෂණ මධ්යස්ථානයක පැවති නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවයකදී, ඔහු ටෙස්ලා හි නව රෝඩ්ස්ටර් රථය ප්රදර්ශනය කොට ඇත.
මස්ක්ට අනුව එය තත්පරයකටත් අඩු වාර්තාගත කාලයක් තුළ පැයට සැතපුම් 0 සිට 60 දක්වා වේගයක් ලබාගත හැකි Sports car වර්ගයේ රථයක් වේ.
පසුගිය බ්රහස්පතින්දා පැවති ප්රදර්ශනයේදී පසුව, මෝටර් රථයේ පසුපස ඇති ජෙට් යානා ආධාරයෙන් එම වාර්තාගත කාලය තුළ පැයට සැතපුම් 60 දක්වා වේගයක් වාර්තා කොට ඇත.
මෙම අත්හදා බැලීම සාර්ථක වුවද, මෝටර් රථයට සැබවින්ම පියාසර කිරීමට හැකි වේද, මාර්ගවල ඉතා වේගයෙන් ධාවනය කිරීමට පමණක් හැකි වේද යන්න තහවුරු විය යුතුය.
මෝටර් රථය ඉදිරියට ගමන් කිරීමට සදහා මස්ක් විසින් ‘අධි පීඩන වායු ටැංකි’ තාක්ෂණය භාවිත කරයි. ලොව හොඳම මෝටර් රථ සමාගම සහ ලොව හොඳම රොකට් සමාගම අතර සහයෝගීතාවක ප්රතිඵලය කුමක්ද යන්න මෙම තාක්ෂණයෙන් පෙන්නුම් කරන බව ඔහු පවසා ඇත.
ටෙස්ලා සමාගම මෙම මෝටර් රථය 2028 දී නිෂ්පාදනයට නිකුත් කරන බව ඔහු පවසා තිබේ.
ස්මිත්සෝනියාන් ජාතික ගුවන් හා අභ්යවකාශ කෞතුකාගාරයේ සිරස් ගුවන් ගමන් පිළිබඳ භාරකරු වන රොජර් කොනර් බ්රහස්පතින්දා CNN වෙත අදහස් දක්වමින් කියාසිටියේ “ගුවන් යානා බරට ඉතා සංවේදී වන අතර, භූමි වාහන සම්බන්ධයෙන් ඔබට ඒවායේ බම්පර් සහ අනතුරු අවම වන සේ සකස් කළ කොටස් සහ ඒ සියල්ල තිබීමට අවශ්ය වේ” යනුවෙනි.
ටෙස්ලා ප්රදර්ශනයට පෙර, Alef ප්රධාන විධායක නිලධාරී ජිම් ඩුකොව්නි CNN වෙත පැවසුවේ, ටෙස්ලා ආයතනයට තම රෝඩ්ස්ටර් රථය ගුවනට ඔසවා ගැනීමට හැකි වුවහොත් පුදුමයට පත්නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart