
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු තුනකට බලයලත් පුද්ගල (AP) බලපත්‍ර නිකුත්කර ඇති බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් කොමිසම සඳහන් කළේ කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව (HNB) සහ සම්පත් බැංකුව වෙත මෙම බලපත්‍ර නිකුත්කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිසරය පරිවර්තනය කරන ලෝක මට්ටමේ ව්‍යාපෘතියක් වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික ව්‍යාපාරික සහ සේවා මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය සංවර්ධනය කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව කොමිසම පවසයි.
තවද, කොළඹ වරාය නගරයේ සාර්ථකත්වය සඳහා ශක්තිමත් සහ විධිමත් මාර්ගෝපදේශ ක්‍රියාත්මක බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කොමිසම සිය දැඩි කැපවීම යළිත් අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart