
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තයේ සිට සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ, පියාසර කළ නොහැකි පක්ෂීන් විශේෂයක් වන කැසෝවරීස් (Double Wattled Cassowaries) තිදෙනෙක් ඊයේ (05) රාත්‍රියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට වෙත රැගෙනවිත් ඇත.
මෙම කුරුල්ලන් තිදෙනා දෙහිවල සත්වෝද්‍යානයට භාරගත් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
මාස නවයක් පමණ වයසැති පිරිමි සතුන් දෙදෙනෙක් සහ ගැහැණු සතෙක් ඊයේ රාත්‍රී 11.10ට මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට MH-179 මැලේසියානු ගුවන් යානයෙන් රැගෙනවිත් ඇත.
අඩි පහක් පමණ උසට වැඩෙන, කිලෝග්‍රෑම් 60ක් පමණ බරැති මෙම පක්ෂි වර්ගය, ලෝකයේ දෙවන විශාලතම පක්ෂි කාණ්ඩයට අයත් වේ.
මෙම පක්ෂි විශේෂය ලෝකයේ ‘නරකම පක්ෂීන්’ ඝණයට අයත් වන අතර, ඉතා වර්ණවත් නමුත් පියාසර කළ නොහැකිය.
එමෙන්ම මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ තිත් ෂෙව්රොටීන් විශේෂ කිහිපයක්, දම් පැහැති කොළ වඳුරන්, ටොක් මැකෝ වඳුරන්, ශ්‍රී ලංකා කැලෑ කුරුල්ලන් සහ සර්ප විශේෂ කිහිපයක් ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට යැවීමට නියමිතව ඇත.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart