
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය පදනම් කරගත් ව්‍යාජ සහ නොමඟ යවනසුළු ෆේස්බුක් ගිණුම් දහස් ගණනක ජාලයක් ඉවත් කළ බව Meta සමාගම පවසයි.
එම ව්‍යාජ ගිණුම්වල පරිශීලකයින් අමෙරිකානුවන් ලෙස පෙනී සිට ඇති අතර, එක්සත් ජනපද දේශපාලනය සහ එක්සත් ජනපද-චීන සබඳතා පිළිබඳ ව්‍යාජ අන්තර්ගතයන් පැතිරවීමට එම ගිණුම් උත්සාහ කර ඇත.
එම ගිණුම්වල පළකළ මාතෘකා අතර ගබ්සාව, සංස්කෘතික යුද ගැටලු සහ යුක්රේනයට ආධාර සැපයීම ආදිය තිබී ඇත.
2024 එක්සත් ජනපද මැතිවරණයට පෙර චීනය පදනම් කරගත් එවැනි ව්‍යාජ ගිණුම් ජාලවල වැඩි වීමක් දක්නට ලැබෙන බව Meta සමාගම සඳහන් කරයි.
රුසියාවට සහ ඉරානයට පසු දැන් චීනය දැන් එවැනි ව්‍යාජ ජාල නිර්මාණය කරන තුන්වන විශාලතම භූගෝලීය මූලාශ්‍රය බවට පත්ව ඇතැයිද සමාගම වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart