September 17, 2026

එක්සත් ජාතික පක්ෂය තුළම සිටිමින් එහි ඉදිරි කටයුතු සඳහා බාධා කරන පුද්ගලයින් කිහිපදෙනාගේ බලපෑම තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

කෙසේවෙතත් පක්ෂය තුළ සිටින භූතයින් ලෙස ක්‍රියාකරන ඔවුන් දැන් අවලංගු කාසි බවට පත්වෙමින් සිටින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔවුන්ට පක්ෂයේ කටයුතු සඳහා බලපෑම් එල්ල කිරීමට ඇති හැකියාව පවා ක්ෂය වෙමින් පවතින බව ද මන්ත්‍රීවරයා අනාවරණ කළේය.

එමෙන්ම ඔහු අවධාරණය කළේ සිරිකොත තුළ සිටින භූතයින් වාෂ්ප වී යන කාලය ආරම්භ වී ඇති බවයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.