
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ කොවිඩ් 19 වසංගතය අතරතුර බලාත්මක කළ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටියි.
ඇමැති තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් හැටන් නගරයේ ඊයේ (අප්‍රේල් 02) පැවති ඉෆ්තාර් රැස්වීමකදී ඔහු මෙලෙස සමාව අයැද තිබිණි.
එම ප්‍රතිපත්තිය මුස්ලිම් ප්‍රජාව අතර ඇති කළ පීඩාව ඔහු පිළිගත්තේය.
මීට පෙර කවුරුන් මෙම තනතුරේ සිටිය ද ජලය සම්බන්ධයෙන් වගකිව යුතු වත්මන් ඇමැතිවරයා ලෙස එහි වගකීම භාර ගැනීම තවමත් වැදගත් බව
තොණ්ඩමන් ඇමැතිවරයා පැවසීය.
අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ පීඩාව සහ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීමක් සඳහා ඒ පිළිබඳ කළ අධ්‍යයනයක සොයාගැනීම් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව ද ඇමැති තොණ්ඩමන් පැවසීය.
ඇමැති ජීවන් තොණ්ඩමන්ගේ කාර්යාලයේ ප්‍රකාශයකට අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අනිවාර්ය ආදාහන කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නෝවා තිබුණේ කොවිඩ්19 ආසාදිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම අපවිත්‍ර විය හැකි බවට වන සැළකිල්ල මතයි.
ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් තිබියදීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය මේ වනවිට අභියෝගයට ලක්වී හා ප්‍රතික්ෂේප කර ඇත.
මුද්‍රා තැබූ සිරුරු බෑග් යොදාගනිමින් ගැඹුරින් භූමදාන කිරීම ඇතුළුව නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කරගත හැකි බව අධ්‍යයනය අවධාරණය කළේය.
ආදාහන ප්‍රතිපත්තියට පාදක වූ මූලික උපකල්පනය වන විවිධ ජල මූලාශ්රවල කොවිඩ් සඳහා පාදක වන වෛරසය පැවතීම තවදුරටත් නිෂ්ප්‍රභ කරමින් එය ආසාදිත පුද්ගලයන්ගේ මළ මූත්‍රාවලින් මිස භූමදාන කිරීමේ ක්‍රමවලින් ඇති වූවක් නොවන බව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.
තොණ්ඩමන් ඇමැතිවරයාගේ සමාව අයැදීම වසංගතයේ බෙදුම්වාදී ප්‍රතිපත්ති නිසා ඇති වූ තුවාල සුව කිරීම සඳහා තීරණාත්මක පියවරක් සනිටුහන් කරන අතර එය සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම් සඳහා රජයේ කැපවීම සහ ශ්‍රී ලංකාවේ සියලුම සංස්කෘතික හා ආගමික චාරිත්‍රවලට ගරු කිරීම යළි තහවුරු කිරීමක් ද වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart