
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසරේ පළමු මාස හතරේදී මෙරටින් ලාදුරු රෝගීන් 500ක් වාර්තාව ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ
විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි. ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 36 කි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ කාලයේදී මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවද ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පෙන්වාදෙයි.
එමෙන්ම වාර්තා වූ ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන් වන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කරයි.
“ජනතාව කලබල විය යුතු නැහැ. ඔබ දන්නවා පසුගිව වසර තුන තුළ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක රෝගීන් හඳුනා ගැනීමේ යම් අඩුවක් වුණා. එතකොට අපිට හඳුනා නොගත් රෝගීන් හඳුනාගැනීම සඳහා යම් ඉලක්ක ගත වැඩපිළිවෙළක් යොදාගෙන යනවා. අන්න ඒ නිසා තමයි අපිට වැඩිපුර රෝගීන් හම්බවෙන්නේ” යැයි වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.
මේ අතර ජනතාවට ලාදුරු රෝගය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා 075 408 8604 යන වට්ස් ඇප් දුරකථන අංකය හඳුන්වා දී ඇති බව ද වෛද්‍ය ප්‍රසාද් රණවීර වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart