
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙම්වතුන්ගේ දිනය යෙදී තිබුණු ඊයේ දිනයේ රෝස මල් අලෙවිය ඉහළගොස් තිබිණි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල මල් අලෙවි කරන්නන් ප්‍රකාශකළේ පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් රෝස මල් මිලදී ගැනීමට මෙවර වැඩි පාරිභෝගික පිරිසක් පැමිණීම හේතුවෙන් තමන්ට වැඩි ආදායමක් ලැබුණු බවයි.
පසුගිය වසරට සාපේක්‍ෂව නැවුම් මල්වල මිල ගණන් මෙවර පහළ බැස ඇති බව ද වෙළෙඳසල් හිමියෝ පැවසූහ.
පසුගිය වසරේ එක් රතු රෝස මලක් පැවතියේ රු. 600ක් වැනි මිලකය.
කොළඹ පූජ්‍ය බද්දේගම විමලවංශ මාවතේ මල්කරුවන් කියා සිටියේ නැවුම් රතු රෝස මලක මිල මේ වනවිට රුපියල් 300ක් පමණ වන බවයි.
ඔතා සකස්කරන ලද රතු රෝස මලක් රුපියල් 350ක් වන අතර රතු රෝස මල් පොකුරක් රු. 6,000කි.
රෝස මල් කිහිපයක් සහිත මල් කළඹ රු. 2,000කට අලෙවි වී තිබේ.
මල් වෙළෙන්ඳන් ප්‍රකාශ කළේ වැලන්ටයින් දිනය තුළ වැඩි පිරිසක් තම වෙළඳසැල් වෙත පැමිණීම නිසා ශීඝ්‍ර අලෙවියක් පැවති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart