April 9, 2026

මාස 15ක කාලයක් ඇතුළත කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කර අවසන් කරන බවත්, එම නවීකරණයෙන් අනතුරුව එය දිස්වනු ඇත්තේ මෙලෙස බවත් සඳහන් කරමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ෆේස්බුක් පණිවිඩයක් නිකුත්කර ඇත.

පහතින් දැක්වෙන්නේ, එම පණිවිඩය සහ AI භාවිතයෙන් නිර්මාණය කරන ලද ඡායාරුප පෙළයි.

‘මේ රට ලස්සනට දකින්න නම්, ලස්සනට පේන්න ඕන ….! පටලගන්නෙපා මේ තියෙන්නේ මාස 15 කින් කොටුව දුම්රිය ස්ථානය දකින්න ඉලක්ක කරන විදිය …..!
ඒක බලාපොරොත්තුවක් …!! ඉලක්ක සහගත වැඩපිළිවෙලක් …! නොපිරුණු කොටු පිරෙන අපූරු කොටුවක් ජනතාවට ලබා දෙන වැඩපිළිවෙලක්…!
මේ ඉලක්ක සහගත වැඩපිළිවෙල වෙනුවෙන් ආරම්භය ලබාගැනීමට තියෙන්නේ තවත් පොඩි වෙලාවක් …!!’