
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය ප්‍රකාශ කර ඇත්තේ, අභ්‍යාසලාභී විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බවයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ, “විශේෂඥ වෛද්‍ය අභ්‍යාසලාභීන් සංඛ්‍යාව වැඩිකිරීමට උපදෙස් දී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීමට වසර පහක පමණ කාලයක් ගතවෙනවා. ඒ අනුව දැනට අභ්‍යාසලාභීන් වැඩි සංඛ්‍යාවක් බඳවාගෙන තිබෙන නිසා වසර පහක් ඇතුළත මේ වෛද්‍ය හිඟය පිළිබඳ ගැටලුවට විසඳුම් ලැබෙන බව මට විශ්වාසයි.” ලෙසිනි.
පුහුණුව සඳහා විදේශගතව සිටින වෛද්‍යවරුන් කිහිපදෙනකු වසරක් ඇතුළත නැවත පැමිණීමට ඉඩ ඇති බවත්, එමගින් වෛද්‍ය හිඟයට අදාළ ගැටලු යම් ප්‍රමාණයකට විසඳිය හැකි බවත් වෛද්‍ය විජේසූරිය වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart