May 3, 2026

පරිගණක හා විවිධ උපාංග උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය හරහා නීති විරෝධී ක්‍රියාවල යෙදුණු තවත් චීන ජාතිකයන් 102ක් අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය සඳහන් කරයි.

එම සැකකරුවන් සමඟ පරිගණක තොගයක් මෙන්ම විවිධ උපාංග රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වෙත ලැබී තිබූ තොරතුරක් මත අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ඇතිව රාජගිරියේ මැද වැලිකඩපාරේ නිවාස සංකීර්ණයක් වටළා මෙම වැටලීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.