
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 2025 අයවැය 2015, 2016 සහ 2017 පැවැති ආණ්ඩුව යටතේ ගෙන ආ අයවැය මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ගෙන ආ 2023 – 2024 අයවැය ඉදිරියට ගෙනයෑමක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ, අයවැය සකස් කිරීම සඳහා දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් 2017, 2024 සහ 2025 යන වර්ෂවල සිටි නිලධාරීන් බවයි.
එබැවින් වත්මන් රජය ඉදිරිපත් කර තිබෙන අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව අනුව සකස් කරන ලද්දක් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසුවේය.
ceylonwire.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ රට තුළ සිදුවන හොඳ හෝ නරක සියලු දේට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ නොකළ යුතු බවයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති 16 වැනි ණය ගනුදෙනු සාකච්ඡාවේදී තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවත්, එම අවස්ථාවේදී ඔවුන් ඉදිරිපත්කළ කොන්දේසි සියල්ල පිළිනොගත් බවත්, ඔවුන් ඉදිරිපත් කරන සියලු යෝජනා රටට අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart