
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය(බොක්සිං ඩේ ටෙස්ට් තරඟය) අතරතුර, තුන්වැනි විනිසුරුවන රිචඩ් ඉලින්වර්ත් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් දිවා ආහාරයෙන් පසු තරග ආරම්භය කල් දමා තිබේ.
එසේ තරගය කල්දමා ඇත්තේ, තෙවැනි විනිසුරු රිචඩ් ඉලින්වර්ත් විදුලි සෝපානයේ සිරවී ඇති නිසාය.
මෙම දෙවැනි ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේ දිවා ආහාරයෙන් පසු ක්‍රීඩකයන් පිටව ගිය අතර, මිනිත්තු කිහිපයකට තරඟය නතර වී ඇත.
රිචඩ් ඉලිංවර්ත් ඔහුගේ අසුනට නොපැමිණි බව පිටියේ විනිසුරුවන් වන ජොයෙල් විල්සන් සහ මයිකල් ගෝෆ් හට දැනුම් දී තිබේ.
“තරගය ප්‍රමාද වන්නේ තුන්වන විනිසුරු සෝපානයේ සිරවී සිටීම නිසා” යැයි එහිදී දැනගන්නට ලැබී ඇත.
A wild Richard Illingworth appeared! #AUSvPAK pic.twitter.com/7Rsqci4whn
— cricket.com.au (@cricketcomau) December 28, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart