
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ දිල්ලි නුවර ඊයේ පස්වරුවේ සිදුවූ පිපිරිම ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම ප්‍රහාරයෙන් මද වෙලාවකට පසු(ඊයේ පස්වරු 9.07ට) X පණිවිඩයක් නිකුත් කර තිබේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයා එම පණිවිඩය නිකුත්කරන මොහොත වන විටත් ඉන්දීය රජය එම පිපිරිම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වාදී තිබුණේ නැත.
සජිත් ප්‍රේමදාස සිය පණිවිඩයේ සඳහන් කර තිබුණේ මෙවැන්නකි.
“නවදිල්ලි ත්‍රස්ත ප්‍රහාරය ගැන අසා කම්පනයට පත්වුණා. ත්රස්තවාදයේ වසංගතය මුලිනුපුටා දැමීමට සියලු දෙනා එක්විය යුතුයි. මෙම භයානක ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන් සමඟ අපගේ සිතුවිලි සහ යාඥාවන් ඇත.”
කෙසේවෙතත් ඊට මද වෙලාවකට පසු(ඊයේ පස්වරු 9.42ට) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මෙම ‘පිපිරිම’ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබිණි.
‘අද සවස දිල්ලියේ සිදු වූ පිපිරීමෙන් තම ආදරණීයයන් අහිමිවූවන්ට ශෝකය පළකරමි. තුවාල ලැබූවන් ඉක්මණින් සුවය ලබාගැනීමට හැකි වේවා. පීඩාවට පත්වූවන්ට බලධාරීන් විසින් සහාය ලබාදෙනු ලැබේ. ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ජි සහ අනෙකුත් නිලධාරීන් සමඟ තත්ත්වය සමාලෝචනය කරන ලදී.’
දිල්ලියේ පිපිරිම ත්‍රස්ත ප්‍රහාරයක් බව ඉන්දීය අගමැතිවරයා මෙම X පණිවිඩය නිකුත් කරන අවස්ථාව වන විටත් ඉන්දීය රජය තහවුරු කර නොතිබිණි.
සජිත් ප්‍රේමදාස මෑතකදී ඉන්දීය සංචාරයක නිරත විය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart