
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ පෞද්ගලිකව අධිකරණයේ පෙනීනොසිට, ඔහු වෙනුවෙන් නීතිඥවරයකුට පෙනීසිටීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීම මාතර මහේස්ත්රාත් චතුර දිසානායක ප්රතික්ෂේප කළේය.
නීතිඥවරයකු මාර්ගයෙන් බැසිල් රාජපක්ෂ කළ මෙම ඉල්ලීමට මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙනුවෙන් පෙනීසිටි නීතිපතිවරයා විරෝධය පළකළේය.
එකී ඉල්ලීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණු අසත්ය සහ ප්රමාණවත් නොවන බව ප්රකාශ කරමින් මහේස්ත්රාත්වරයා, බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
තවද බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට ද මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
මාතර, එළියකන්ද ‘බ්රවුන්ස් හිල්’ හි ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව FCID ය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සැකකරුවන් සිව්දෙනකු නම්කර ඇත.
FCID ය විසින් නම්කරන ලද සැකකරුවන් වන්නේ බැසිල් රාජපක්ෂ, ඔහුගේ ලේලි (නෑනණ්ඩිය) වන අයෝමා ගලප්පත්ති සහ මස්සිනාවරුන් වන මුදිත ජයකොඩි සහ තිස්ස ගලප්පත්ති යන අයයි.
මුදිත ජයකොඩි සහ තිස්ස ගලප්පත්ති යන අය අධිකරණයේ පෙනීසිටි අතර, අයෝමා ගලප්පත්තිට අප්රේල් 27 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළේය.
මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ හෝ අයෝමා ගලප්පත්ති යන දෙදෙනාගෙන් කිසිවකුත් අධිකරණයේ පෙනීසිට නැත. බැසිල් රාජපක්ෂ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින අතර අයෝමා ගලප්පත්ති කැනඩාවේ පදිංචිව සිටියි.
අයොමා ගලප්පත්ති වෙත නිකුත් කළ නොතීසිය විදේශ කටයුතු අමාත්යාංශය සහ අධිකරණ අමාත්යාංශය මාර්ගයෙන් ක්රියාත්මක කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්රකාශයකින් බැසිල් රාජපක්ෂ කියාසිටියේ තමා දැනට අසනීපයෙන් පසුවන බැවින් දීර්ඝ ගුවන් ගමනක නිරත විය නොහැකි බවයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීමට තමා සූදානම් බවද ඔහු ප්රකාශ කර තිබිණි.
රජයේ නීතිඥ කලණ කොතලාවල බැසිල් රාජපක්ෂගේ ඉල්ලීමට විරෝධය පළකරමින් කියා සිටියේ, සැකකරුගේ ඉල්ලීමට අවසර දීමට තරම් ඔහු දැනට සුවිශේෂී තත්ත්වයක පසුවන බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
අදාළ දේපළට අදාළ ඔප්පුවේ හිමිකරු ලෙස අයෝමා ගලප්පත්තිගේ නම සඳහන් කර ඇති අතර, එකී ඉඩම රුපියල් මිලියන 50 කට වටිනාකම් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වාදුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇයව කැඳවන ලෙස දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ දේපළ මිලදී ගැනීමට භාවිතා කළ වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පැමිණිල්ල ගොනුකර ඇත.
බැසිල් රාජපක්ෂ අධිකරණයේ පෙනීසිටීමට අපොහොසත් වීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මුලින්ම වරෙන්තුවක් නිකුත් කරන ලද්දේ මැයි 22 වැනිදාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart