June 4, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට අදාළව තමන් සිදුකළ ප්‍රකාශය හුදෙක් මානුෂීය පදනම මත පමණක් සිදුකළ අදහස් ප්‍රකාශ කිරීමක් මිස, අධිකරණයට අපහාස කිරීමේ චේතනාවකින් සිදුකළ එකක් නොවන බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ පවසති.

හිටපු ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කිරීමට එරෙහිව තමන් අදහස් දක්වන අවස්ථාවේදී, එය අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් බව දැන නොසිටි බවද උන්වහන්සේ සඳහන් කළහ.

ඊයේ (03) ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ එම අත්හිටුවීමට අදාළ ප්‍රකාශය සිදු කර තිබිණි.