
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මුළාකර, ඔහු සතු රුපියල් මිලියන 80කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට ලක්ව සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිණි පියුමාලි සහ එහි අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අයට කොළඹ මහාධිකරණය හමුවේදී ඊයේ (11දා) අධිචෝදනා කියවා දෙන ලදී.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ මෙම නඩුව කැඳවූ අතර, ඇප මත පසුවන විත්තිකාරියන් දෙදෙනා එදින අධිකරණයේ පෙනී සිටියහ.
නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි දෙමින් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි සඳහන් කළේ, තමන් නිවාස හා දේපළ වෙළෙඳාම් ව්‍යාපාරවලින් විශාල ලාභයක් ලැබූවද, මෙම කාන්තාවන් දෙදෙනාගේ ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් තමන් මුළුමනින්ම විනාශ වූ බවයි.
විත්තිකරුවන්ගේ කාර්යාලය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) පිහිටා තිබීම, ඔවුන් මිල අධික සුපිරි වාහන භාවිත කිරීම සහ තමන් එහි යන විටත් ඉහළ පෙළේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් පිරිසක් මුදල් ආයෝජනය කිරීමට පැමිණ සිටීම නිසා කිසිදු සැකයකින් තොරව තමන් මෙම ආයෝජනය සිදුකළ බව සාලි පැවසීය.
ව්‍යාපාරික සැලැස්මක් හෝ පොලියක් ලැබෙන දිනයක් පවා නොවිමසා මෙම මුදල් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.
මෙම විත්තිකාරියන් දෙදෙනා විසින් 2022 වසරේ මැයි 30 සහ ජූලි 30 අතර කාලය තුළදී අසාත් සාලිගෙන් රුපියල් මිලියන 80කට වැඩි මුදලක් වංචා කිරීම සහ රුපියල් ලක්ෂ 50ක අගරු චෙක්පතක් ලබාදීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart