September 22, 2025

රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ අබේරත්න පත්කිරීමට නියමිතව තිබේ.

ඒ, වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිල කාලය ඊයේ දිනයෙන් අවසන්වීම හේතුවෙනි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ, මාස 3ක් ඇතුළත පනතේ විධි විධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇති බවයි.