
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් 2020 දී රාසයියා පාර්තිපන් හෙවත් ‘තිලීපන්’ ගේ 33 වැනි සංවත්සරය සැමරීම සම්බන්ධයෙන් අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකෙරිණි.
නීතිපතිවරයා විසින් මෙලෙස අධිචෝදනා ගොනුකර තිබුණේ, එම්.කේ. සිවාජිලිංගම් 2020 සැප්තැම්බර් 15 හෝ ඊට ආසන්න දිනකදී යාපනයේ කොන්ඩාවිල් හි තිලීපන් අනුස්මරණ උත්සවයක් සංවිධානය කිරීම සහ ඊට සහභාගී වීම සඳහන් කරමිනි.
අධිකරණය මගහැරීම සම්බන්ධයෙන් සිවාජිලිංගම් අත්අඩංගුවට ගැනීමට මහාධිකරණය මීට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවිය.
විත්තිකරුට එරෙහි වරෙන්තුව යළි කැඳවූ අතර, ඔහු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණය නියෝග කළේය.
ඔක්තෝබර් 20 වැනිදාට නඩු විභාගයට දින නියම කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart