
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයකට කඩාවැදුණු පුද්ගලයකු බැතිමතුන් විසින් පරිත්‍යාග කළ මුදල්වලින් කොටසක් සොරකම් කර තිබේ.
දකුණු ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරස්ථාන දෙකකට එකම සොරකු කඩාවැදුණු දෙවන අවස්ථාව මෙය බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම පුද්ගලයා ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයට ඇතුළු වී අපරාධය සිදු කිරීමෙන් පසු පිටතට යන ආකාරය සීසීටීවී දර්ශනවල දැක්වේ.
මෙම සොරකම පසුගිය සිකුරාදා සිදුව තිබේ.
මෙම පුද්ගලයා විහාරස්ථානයට ඇතුළු වී ආසන්න වශයෙන් ඕස්ට්‍රේලියානු 3000ක් සොරකම් කර තිබේ.
අපරාධය සිදුවන විට විහාරාධිපති පූජ්‍ය උඩගබ්බල සුමේධ හිමියන්ද විහාරස්ථානයේ සිට ඇත.
එම පුද්ගලයා පසුගියදා දකුණු ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් උද්‍යානයේ විහාරස්ථානයෙන්ද ඩොලර් 800ක් සොරාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart