
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකාවේ ලස්සන දැකලා මෙහේ ඇවිත් සින්දු, ෆිල්ම්, ඩොකියුමන්ටරි වගේ දේවල් වීඩියෝ කරන්න එන විදේශීය ෂූටින් කණ්ඩායම්වලට මින් පස්සේ සිරාම වාසියක් අත්වෙන්න යනවා කියලා ආරංචියි. ඒ තමයි, මේ හැමෝටම අවශ්‍ය කරන සේරම පර්මිෂන් එකම වහලක් යටින් ඉතාම ඉක්මනින් ලබාගන්න පුළුවන් ‘වන්-ස්ටොප් ෂොප්’ (One-Stop Shop) එකක් ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළේ ලස්සනට සෙට් කරන්න දැන් රජය ලෑස්ති වෙනවලු.
ඇයි ඉතින් මෙච්චර දවස් අපේ රටේ ෆිල්ම් එකක් ෂූට් කරන්න ආපු සුද්දන්ට පිස්සු හැදෙන වැඩනේ සිද්ධ වුණේ. ආරක්ෂක අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, වනජීවී දෙපාර්තමේන්තුව වගේ කීයකට නම් බඩගාන්න වුණාද? එක පර්මිෂන් එකක් ගන්නකොට මුළු ෂූටින් ෂෙඩියුල් එකම ඉවරයි. හැබැයි අලුත් ක්‍රමයට අනුව මේ සේරම ආයතනවල නියෝජිතයෝ චිත්‍රපට සංස්ථාවේ මේ විශේෂ ඒකකය ඇතුළෙම වාඩිවෙලා ඉන්න නිසා, එකම තැනකින් සුටුස් ගාලා වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙනවලු.
ලංකාව ලෝකෙටම පෙන්වලා, ඩොලර් ටිකක් හොයාගන්න මේ වගේ ක්‍රමවත් ‘සිංගල් වින්ඩෝ’ සිස්ටම් එකක් දාන එක නම් සිරාම වැඩක් තමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart