
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙන සීහෙළ ගෝතම සිරි සම්බුද්ධ මහා නිකාය නමැති නිකායේ මහා නායක හිමි ලෙස නම් කර සිටින බදුල්ලගම්මන සුමනසාර හිමියන් ඇතුළු එම නිකායේ හිමිවරුන් සම්බන්ධයෙන් සිදුකර ඇති අපහාසාත්මක ප්‍රකාශවලට වන්දි ඉල්ලා මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිදාන නා හිමිපාණන් ඇතුළු පස්දෙනකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම නිකාය සඳහන් කරයි.
ස්වාධීන බෞද්ධ සංවිධානයක් ලෙස ගොඩනැගෙන සිය නිකාය පිළිබඳ තීරණ ගැනීමට වෙනත් නිකායික භික්ෂුන් වහන්සේට නීතිමය අවසරයක් නැති බව එම නිවේදනය මඟින් පවසන සුම්ගසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා දන්වා ඇත.
ඒ අනුව බදුල්ලගම්මන සුමනසාර හිමියන් සම්බන්ධව සාවද්‍ය හා අපහාසාත්මක කරුණු ඇතුළත් ප්‍රකාශ නිකුත් කර එම හිමියන්ගේ කීර්ති නාමයට දැඩි අගතියක් හා අලාභයක් සිදු කර ඇති බැවින් එම හානි පූරණය වෙනුවෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා එම නිකාය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් වෙත එන්තරවාසියක් යවා තිබේ.
මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 08 වැනිදා අරඹන එක්සත් ජාතීන්ගේ 60 වැනි මානව හිමිකම් සැසියේදී සිය භික්ෂුන් වහන්සේ කණ්ඩායමක් ඉදිරිපත් වී කරුණු දැක්වීමටද බලාපොරොත්තු වන බවත් එම නිකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
‘සීහෙළ ගෝතම සිරි සම්බුද්ධ’ නිකාය ශාසන විරෝධී භික්ෂු සංවිධානයක් බවත්, අදාළ ශාසන විරෝධී භික්ෂු සංවිධානය පිහිටු වූ කණ්ඩායම මඟින් සිදුකරන ධර්ම විනය විකෘතිය ඇතුළු කටයුතු වැළැක්වීම සදහා ශාසනික හා නෛතික පියවර ගන්නා බවත් ත්‍රෛනිකායික ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගියදා පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart