
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංකූලතා ඇති කළ ඉන්දියානු අක්ෂි ඖෂධ නිෂ්පාදන සමාගම වන සුරේන්ද්රනගර් හි ‘ඉන්ඩියානා ඔෆ්තල්මික්ස්’ හි ‘වඩ්වාන්’ කර්මාන්ත ශාලාව වෙත ගිය ඖෂධ පරීක්ෂක කණ්ඩායම, එහි නිෂ්පාදන පිළිවෙත්වල ‘විශාල ගැටළුවක් නොමැති බව'(No major deviation) සොයා ගත් බව ගුජරාට් ආහාර හා ඖෂධ පරිපාලනය පිළිබඳ කොමසාරිස් හේමන්ත් කෝෂියා ඉන්දීය ජනමාධ්‍යය වෙත පවසා ඇත.
හේමන්ත් කෝෂියා උපුටා දක්වමින් ‘ද ස්ක්‍රොල්’ පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට, ඖෂධ පරීක්ෂක කණ්ඩායමක් සුරේන්ද්රනගර් හි ඉන්ඩියානා ඔෆ්තල්මික්ස් හි වඩ්වාන් කම්හල වෙත ගොස් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබේ.
කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන පිළිවෙත්වල “ප්‍රධාන අපගමනය” නොමැති බව සිදුකළ පරීක්ෂණයෙන් සොයාගත් බව කෝෂියා පවසා ඇත.
ගැටලුකාරී වූ ඖෂධයේ සාම්පල මේ වන විට ඉන්දියාවේ මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය(CDSCO) වෙත යොමුකර ඇති බවත්, රසායනාගාර පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබෙනු ඇති බවත් කෝෂියා පෙන්වාදී තිබේ.
මෙම ඖෂධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනතුරු ඇඟවීමක් කිරීමෙන් පසු, ගුජරාට් ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ඉන්ඩියානා ඔෆ්තල්මික්ස් වෙත ‘දැනුම්දීමක්'(Notice) නිකුත් කර ඇති නමුත් සමාගමට අක්ෂි ඖෂධ නිෂ්පාදනය දිගටම කරගෙන යෑමට අවසර දී ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart