
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම පහත වැටීම හේතුවෙන් ගල් අඟුරු ආනයනය වෙනුවෙන් ගෙවීමට මුදල් හිඟවී ඇතැයි වාර්තා සඳහන් කරයි.
අධික වියදම් සහිත ඩීසල් බලාගාර අඛණ්ඩව ක්‍රියාත්මක කරවීම සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විසින් අනුමත කරන ලද විදුලිය ගාස්තු අඩුකිරීමේ ප්‍රතිඵලයක් බව ලංවිම පවසන බව දැනගන්නට ඇත.
මෙම හේතුව මත විදුලිය ගාස්තු නැවත වතාවක් ඉහළ දැමීමට මණ්ඩලය අඛණ්ඩව ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලයෙන් මෙලෙස අභියාචනා ඉදිරිපත් කළත් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඇමැතිවරයා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පැවැසේ.
මූලාශ්‍රවලට අනුව ලංවිමට ඇති ප්‍රධාන මුල්‍ය බරක් වන්නේ මාසිකව ගල් අඟුරු සඳහා රුපියල් බිලියන 20ක් ගෙවීමට සිදුව තිබීමයි.
එසේම හිඟ විදුලි බිල්පත් ගාස්තු අයකර ගැනීමද ගැටළුවක් වී ඇතැයි වාර්තා සඳහන් කරයි.
රුපියල් බිලියන 50ක් පමණ වන මාසික පිරිවැටුම ගල් අඟුරු ඇතුළු වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් නොවන බවද ලංවිම පාලනාධිකාරිය පෙන්වාදී තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවන ලද හදිසි ගාස්තු සංශෝධනය හේතුවෙන් මණ්ඩලයට වාර්ෂික ඉලක්කයට වඩා රුපියල් බිලියන 33කට ආසන්න හිඟයක් දක්නට ලැබෙන බව ද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart