May 26, 2026

ජනාධිපති ලේකම්වරයා වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු සඳහන් කළේ කුඩා කණ්ඩායමක් විසින් එවැනි විවිධ ප්‍රචාර ගෙනයන බවයි.

කෙසේවෙතත් රජය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ අදාළ තනතුරින් ඉවත්කිරීම සම්බන්ධයෙන් ද කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔහු අවධාරණය කළේය.