
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොහෝ ප්රදේශවල මේ දිනවල සුදු සීනී හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
සීනි සඳහා පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් වෙළෙදුන් සුදු සීනි වැඩි මිලට තවමත් අලෙවි කරන බවට ද ඔවුහු මැසිවිලි නගති.
සීහි හිඟයට හේතුව වෙළෙදුන් සීනි සඟවාගෙන සිටීම බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.
සුදු සීනි සඟවාගෙන හොරෙන් වැඩි මිලට අලෙවි කරන බවත්, කිලෝවක් රුපියල් 330ට වැනි මිලකට අලෙවි කරන බවත්, ඔහු සඳහන් කරයි.
මේ නිසා බේකරි හිමියන් දැඩි අසීරුතාවකට මුහුණ පා සිටින බව එම සංගමය පෙන්වාදෙයි.
සුදු සීනි හිඟයක් මවා පාමින් සීනි සඟවාගෙන සිටින හා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් වහා අත්අඩංගුවට ගැනීමට වැටළීම් කරන ලෙස එම සංගමය පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart