January 7, 2026

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ වීම අනිවාර්යයෙන් සිදු විය යුතු වුව ද ඒ සඳහා බාධා එල්ල කරන කිහිපදෙනෙකු ද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පක්ෂ දෙකේ ඉදිරි ගමන සඳහා බාධාවක් වී ඇත්තේ එවැනි පුද්ගලයින් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එහෙත් එම අභියෝග අභිභවා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක් අරමුණක් වෙනුවෙන් ඉදිරියට ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඍජුව එම සාකච්ඡා සඳහා සහභාගී නොවුන ද ඔහු අවස්ථා කිහිපයකදීම සාකච්ඡා ඔස්සේ ඉදිරියට යා යුත්තේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ලබා දී ඇති බවයි.

එබැවින් පක්ෂ දෙක ඒකාබද්ධ වී පොදු දේශපාලන අරමුණක් වෙනුවෙන් ඉදිරියට ගමන් කිරීම අනිවාර්ය බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.