
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී අඩවි ආරක්ෂකයන් 150 දෙනෙකු සහ වනජීවී ආරක්ෂක නියාමකයන් 384 දෙනෙකු සඳහා පුරප්පාඩු පවතින බව හෙළිව තිබේ.
දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිළිබඳ ඩේලි මිරර් පුවත්පත විසින් ගොනු කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම තොරතුරු අනාවරණ වී ඇත.
හෙළිවූ කරුණු අනුව තුවාල වූ අලි ඇතුන් සහ අනෙකුත් වනජීවී විශේෂ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් මිලියන 20ක පමණ පිරිවැයක් දරයි.
තුවාල වූ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමේදී ඇති වන අභියෝග පිළිබඳ විමසුමකට පිළිතුරු දෙමින්, වනජීවී අධ්‍යක්ෂ – සෞඛ්‍ය, වෛද්‍ය තාරක ප්‍රසාද් පවසා ඇත්තේ වනයේ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම අභියෝගාත්මක කාර්යයක් බවයි.
“තුවාල වූ අලියකු පිළිබඳ තොරතුරු අපට ලැබුණහොත්, අපි ඒ පිළිබඳව වහාම ක්‍රියා කරනවා. වෙඩි තැබීමේ තුවාලවලට ක්ෂණික අවධානය සහ ප්‍රතිකාර අවශ්‍යයි, නමුත් ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන්, ඇතැම් අවස්ථාවල වහාම ප්‍රතිචාර දැක්වීම අභියෝගයක්. උගුල් තුවක්කුව වඩාත්ම මාරාන්තික අවිය බවට අපි නිරීක්ෂණය කර තිබෙනවා. තුවාල බොහෝ විට බැක්ටීරියාවලින් ආසාදනය වනවා. එය අලි ඇතුන්ට තරමක් ආතති සහගත අත්දැකීමක්. මෙම කාර්යයට සහභාගී වීමට අපට ඉන්නේ සීමිත පශු වෛද්‍යවරුන් පිරිසක්,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
වෛද්‍ය ප්‍රසාද් තවදුරටත් පැවසුවේ බොහෝ ප්‍රතිකාර රුධිර සාම්පල මත රඳා පවතින බවයි.
“අලි ඇතුන්ට ප්‍රතිජීවක සහ වේදනා නාශක ලබා දෙනවා. සන්සුන්කාරක සහ අනෙකුත් වෛද්‍ය අවශ්‍යතා ලබා ගැනීම සඳහා ක්‍රියාපටිපාටියක් තිබෙනවා. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී මෙතෙක් ඒ කිසිදු ගැටළුවක් ඇති වී නැහැ. වහාම ප්‍රතිචාර දැක්වීමට අපට සම්පත් නොමැති වීම පමණයි ප්‍රශ්නෙකට තියෙන්නේ. එය ඉක්මනින් නිවැරදි කළ හැකියි, ”යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
කෙසේවෙතත්, රජය නව බඳවා ගැනීම් ඉල්ලා නොතිබූ බැවින්, පුරප්පාඩුවල ලැයිස්තුව තවමත් ඉතිරිව පවතී.
අලි මිනිස් ගැටුම සහ ඒ ආශ්‍රිත මානව-වනජීවී ගැටුම් අවම කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයන් අනුගමනය කරන ලෙස සංරක්ෂණවේදීන් රජයෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart