
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දර්ශන ලබාගැනීම සඳහා සිය ගුවන් යානය හිතාමතාම කඩාවැටීමට සලස්වා, පසුව ඒ ගැන එක්සත් ජනපද විමර්ශකයන්ට බොරු කීම නිසා යූ ටියුබ්කරුවකු මාස හයක් සිරගත කර ඇත.
30 හැවිරිදි ට්‍රෙවර් ජේකබ් 2021 දෙසැම්බර් මාසයේදී ගුවන් අනතුරේ වීඩියෝව පළ කළේ එය අනතුරක් බව අඟවමිනි.
ඔහු ගුවන් යානයෙන් ඉවතට සෙල්ෆි සැරයටිය(selfie stick) රැගෙන පැරෂුටයෙන් බිමට පනින ආකාරය වීඩියෝවේ සටහන් වේ.
එම යූ ටියුබ් වීඩියෝව මිලියන ගණනින් ජනයා නරඹා ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද පොලිසිය විසින් ආරම්භ කළ විමර්ශනයකදී, තමා මෙය හිතාමතාම සැලසුම් කරන ලද ක්‍රියාවක් බව ජේකබ් පිළිගෙන තිබේ.
ජාකොබ් මෙම වරද සිදුකර ඇත්තේ තමා වෙනුවෙන් සමාජ මාධ්‍ය හා ප්‍රවෘත්ති නාලිකා ඔස්සේ ප්‍රචාරය ලබාගැනීමට සහ මුදල් ඉපැයීමට බව කැලිෆෝනියාවේ ෆෙඩරල් නඩු පවරන්නෝ සඳුදා ප්‍රකාශ කළහ.
2021 නොවැම්බරයේදී, ජේකබ් කැලිෆෝනියාවේ සැන්ටා බාබරා ගුවන් තොටුපළෙන් කුඩා සැහැල්ලු ගුවන් යානයකින් පිටත්ව ගියේය.
ඔහුගේ ගුවන් යානයේ කැමරා සවි කර තිබූ අතර, කැමරා සමඟ, ජේකබ් පැරෂුටයක් මෙන්ම සෙල්ෆි සැරයටියක් ද රැගෙන ගියේය.
ඔහු සිය ගමනාන්තයට ළඟා වීමට අදහස් කළේ නැත.
ඒ වෙනුවට ගමන අතරමගදී පැරෂුටයෙන් පිටතට පැන ගුවන් යානය කඩා වැටෙන ආකාරය වීඩියෝගත කර තිබේ.(BBC)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart