
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2010 සිට 2015 කාලය දක්වා උරුගුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ එරට වාමාංශික කැරලිකරුවකු ද වූ ජෝස් මුජිකා නොහොත් ‘පෙපේ’ මියගොස් තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 89 කි.
උරුගුවේ රාජ්‍යයේ වත්මන් ජනාධිපති යමණ්ඩු ඔර්සි සිය සමාජ මාධ්‍ය පිටුවක් ඔස්සේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයාගේ මරණය නිවේදනය කළේය.
2024 වසරේදී මුජිකාට උගුරේ පිළිකාවක් ඇති බව හඳුනාගෙන තිබිණි.
“අපගේ සහෝදර පෙපේ මුජිකාගේ මරණය ගැන අපි දැඩි ශෝකයෙන් ප්‍රකාශ කරමු,” යනුවෙන් ජනාධිපති ඕර්සි සිය සමාජ මාධ්‍යවල සටහන් කර තිබේ.
“ඔබ අපට ලබාදුන් සෑම දෙයකටම සහ ඔබේ ජනතාව කෙරෙහි ඔබේ ගැඹුරු ආදරයට ස්තූතියි.” යනුවෙන් ද ඔහු පවසයි.
මුජිකා උරුගුවේ දේශසීමාවෙන් ඔබ්බට පවා ප්‍රසිද්ධියට පත්වූ අතර ඔහු තම රට පාරිසරික ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට, සමලිංගික විවාහ නීතිගත කිරීමට සහ මරිජුවානා සඳහා වූ සීමාවන් ලිහිල් කිරීමට නායකත්වය දුන්නේය.
ඔහු ජනාධිපතිව සිටියදී පවා ඉතා සරල ජීවන රටාවක් පවත්වාගෙන යෑම නිසා ඔහු වෙත ජනමාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් හිමිවිය.
ඔහු ජනාධිපති මන්දිරයෙන් ඉවත් වූ විට කුඩා ගොවිපලක වගා කටයුතුවල නිරත වෙමින් ජීවත් විය.
ජෝස් මුජීකා සෑමවිටම පවසා තිබුණේ ධනවත්කමට ජනාධිපතිවරුන්ව ඔවුන්ගේ ජනතාවගෙන් දික්කසාද කළ හැකි බවයි.
“දේශපාලකයන් ජීවත් විය යුත්තේ ඔවුන්ගේ බහුතර ජනතාව ලෙස මිස වරප්‍රසාද ලත් සුළුතරය ජීවත් වන ආකාරය මෙන් නොවන බව මම විශ්වාස කරමි,” මුජිකා වරෙක පවසා තිබිණි.
මුජීකාගේ මරණය සම්බන්ධයෙන් ලොව පුරා රාජ්‍ය නායකයන් රැසක් ශෝකය පළකර ඇති අතර ලතින් අමෙරිකානු රටවල නායකයන් ඉතා සංවේගයෙන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ සටහන් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart