
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවනු ලැබුවහොත්, යළි ගොඩනැගීමේ කාර්යය සඳහා කෙටි කාලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු නායක අර්ජුන රණතුංග වෙත භාරදෙන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අද ප්‍රකාශ කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමක ලක්කළොත් මාස 06ක් හෝ 08ක් යනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩනැගීමේ කාර්යය අපි හිටපු නායක අර්ජුන රණතුංගට භාරදෙනවා. එම සැලැස්ම ඉදිරියට ගෙනයෑමට අපට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි ”ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ ICC හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වාරණයක් පැනවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එල්ල කරන ලද චෝදනාවකට පිළිතුරු ලබාදෙමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ බැංකුවකින් ආපසු ලබාගත් ඩොලර් මිලියන දෙක වෙනත් බැංකු ගිණුමකට මාරුකර ඇති බව ද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ වන විට චෙක්පත් නිකුත් කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් කඩිමුඩියේ වියදම් කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart