
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද (04) අලුයම ඇතුළත් කළ බව කටුගස්තොට පොලීසිය පවසයි.
කටුගස්තොට ගොහාගොඩ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ආසන්නයේ මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබෙන අතර වෙඩික්කරු පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයා මහනුවර හන්තාන ගැමුණු මාවතේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.
වෙඩි තැබීම අලුයම 2.30 ත් 3.30 ත් අතර කාලයේදී සිදුව තිබෙන බවට පොලීසිය සැක කරයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මහනුවර ජාතික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයකු ලෙස සේවය කරන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ පිට ප්‍රදේශයට එල්ල වූ එක් උණ්ඩයකින් ඔහුගේ සුෂුම්නාවට හානි සිදුව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙදරු පියෙකු වන වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අද (04) අලුයම 2.00 ට පමණ රෝහලේ සේවය සඳහා යන බව පවසා නිවසින් පැමිණ තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
පුද්ගල පහරදීම් කිහිපයක් සම්බන්ධයෙන් මොහු මෙයට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
රාජකාරි ස්ථානයට යන බව බිරිඳට පවසා මොහු ගොහාගොඩ ප්‍රදේශයට ගියේ ඇයිද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart