
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල ප්‍රදේශයෙන් ඊයේ සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 9888 ක් පමණ බව පොලිසිය පවසයි.
එලෙස සොයාගැණුනු මත්ද්‍රව්‍ය තොගය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94 ක් සහ මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 420.976 ක් ඇතුළත් වන අතර, ඒ අනුව මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91ක් බව පොලිසිය පවසයි.
එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට ඉතිහාසයේ එක් දිනක් තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර දැනට ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිසිය පවසයි.
දැනට සිදුකර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය මෙරට තුළ ක්‍රියාත්මක වන තනි ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බවයි.
විදේශ රටක සිට මහාපරිමාණ මත්ද්‍රව්‍ය මෙහෙයුම් කළමනාකරණය කරන බවට සැකකෙරෙන අපරාධකරුවකු වන ‘උනාකූරුවේ ශාන්ත’ නමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට එවා ඇති බව ද අනාවරණය වී තිබේ.
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස පුද්ගලයන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැඩිදුර මෙහෙයුම්වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි.
මත්ද්‍රව්‍යවලට අමතරව, ටී-56 ප්‍රහාරක රයිෆලයක් සහ පිස්තෝල පහක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart