September 11, 2026

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීමේ වරදට වාලච්චේන ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 750,000ක දැවැන්ත දඩයක් නියම කර ඇත.

2026 ජූනි 04 වැනිදා සිදුකරන ලද වැටලීමකින් පසුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මඩකලපුව දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ‘අමිර්තම් රෙස්ටෝරන්ට්’ නමැති ආපනශාලාවට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.

අදාළ පරික්ෂාවේදී, පාරිභෝගික අධිකාරිය මගින් උපරිම සිල්ලර මිල රුපියල් 100ක් ලෙස නියම කර තිබූ ලීටරයේ පානීය ජල බෝතලයක් රුපියල් 130ක

බ්‍රහස්පතින්දා (10) මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, චෝදනාවට ලක්වූ ආපනශාලා හිමිකරුවන් වරද පිළිගත් අතර, ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම රුපියල් 750,000ක දැවැන්ත දඩ මුදල නියම කරන ලදී.