April 28, 2026

එක්සත් ජාතික පක්ෂයට තම මැයි දින රැලියට සහභාගී වන ලෙස සමගි ජන බලවේගය කළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල, සජබ මහලේකම්වරයා වන රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ, මෙම වසරේ මැයි 1 වැනි දින පුර පසළොස්වක පොහොය දිනයක් බැවින් තම පක්ෂයට දේශපාලන කටයුතුවලට සහභාගී වීමට හැකියාවක් නොමැති බවයි.

“පොහොය දිනක දේශපාලන කටයුතුවලට සහභාගී වීමට එරෙහිව මුලින්ම උපදෙස් දුන්නේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතායි. මෙය එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය ද වේ. මේ නිසා අපි ඔබේ මැයි දින රැලියට සහභාගී නොවීමට තීරණය කළෙමු,” තලතා අතුකෝරල සිය ලිපියේ සඳහන් කර තිබේ.

“කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී සජබ සමඟ වැඩ කිරීමට කැමති නැති බව මින් අදහස් නොවේ,” යනුවෙන් ඇය තවදුරටත් පවසයි.