
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සරසවි සිසුවියක සතු රුපියල් ලක්ෂයකට අධික වටිනාකමැති පරිගණකයක් සොරකම් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද තවත් සරසවි සිසුවියක රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා නියම කර ඇත.
මෙසේ ඇපමත මුදාහරින ලද්දේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි සරසවි සිසුවියකි.
සැකකාර සරසවි සිසුවිය හා පරිගණකය හිමි සරසවි සිසුවිය කැළණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ එකම කාමරයක නවාතැන් ගෙන සිටින සරසවි සිසුවියන් වන බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේය.
එහිදී එම නේවාසිකාගාර කාමරයේ කිසිවකු නැති අවස්ථාවක සැකකාරිය විසින් එම පරිගණකය සොරකම්කොට කුරුණෑගල ප්‍රදේශයට විකුණා තිබී සොයා ගත් බවට අධිකරණයේ සඳහන් විණි.
නඩුවේ වැඩිදුර විභාගය ලබන ජූලි මස 30 වැනි දිනට කල් තැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart