
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් විසින් සැප්තැම්බර් මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHRC) සැසිවාරයට දැනුම් දීමට නියමිතව ඇත.
ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය නිසා නිතර සිදුවන මරණ, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් සංක්‍රමණය වීම, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් මුහුණ දෙන ගැටළු ඇතුළු විවිධ හේතූන් නිසා මේ වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.
මෙරට සෞඛ්‍ය අංශයේ අර්බුදය සම්බන්ධ ලිපියක් භාරදීම සඳහා කොළඹ එක්සත් ජාතීන්ගේ (UN) කාර්යාලයට තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපබණ්ඩාර පසුගියදා ගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන සඳහන් කරයි.
මෙම අර්බුදය ගැන සොයා බලා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස තමන්ගේ කණ්ඩායම ඇතුළු ජනතාව මාස ගණනාවක් තිස්සේ රජයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට බලකරමින් සිටියත්, ඔවුන් එම ඉල්ලීම් කිසිවක් ගණන් නොගෙන ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බව කාවින්ද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය විසඳීම සඳහා රජයට බලපෑම් කිරීමට අන්තර්ජාතික ප්‍රජාව වෙත මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් භාරදීම ඔවුන් වෙත ළඟා වීමේ මූලික පියවර බව ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart