
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකය පුරාම වවුලන්ගෙන් බෝවන විවිධ වෛරස් රෝග ගැන නිතරම කතාබහට ලක්වෙනවා. හැබැයි මේ කියන්න යන්නේ හීනෙකින්වත් නොහිතපු විදිහට, නිදාගෙන සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ ජීවිතය වවුලෙක් නිසා අහිමි වුණු අතිශය සංවේදී සහ කම්පාසහගත පුවතක් ගැනයි.
මෙම ඛේදනීය සිදුවීම වාර්තා වෙන්නේ කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රදේශයෙන්. 2024 වසරේදී තම පවුලේ අය සමඟ නිවාඩුවක් ගතකිරීමට ගිය මේ දරුවා, රාත්‍රියේ තද නින්දේ පසුවෙද්දී ඔහුගේ නාසය සහ මුඛය මත වවුලකු වසා තිබෙනවා. නින්දෙන් ඇහැරුණු දරුවා වහාම වවුලාව ගසා දමා ඇති අතර, පසුව ඔහුගේ පියා විසින් එම වවුලාව භාජනයකට කොටුකර නිවසින් පිටතට මුදාහැර තිබෙනවා.
කෙසේවෙතත්, දරුවාගේ සිරුරේ බාහිරින් කිසිදු සීරීමක් හෝ තුවාලයක් පෙනෙන්නට නොතිබූ නිසාත්, වවුලා අසාමාන්‍ය ලෙස හැසිරුණු බවක් නොපෙනුණු නිසාත්, දෙමාපියන් ඒ ගැන එතරම් තකා නැහැ. ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට පියවර නොගත්තේ ඒ නිසයි.
ඒත් සැබෑ බියකරු තත්ත්වය උදාවෙන්නේ දින 19කට පසුවයි. දරුවාගේ මුහුණේ හිරිවැටීමක් සහ ඉදිමීමක් හටගෙන තිබෙනවා. කලබල වූ මාපියන් ඔහුව වහාම රෝහල් ගත කළත්, වෛද්‍යවරුන්ට මුල් අදියරේදී මෙය ජලභීතිකා රෝගය බව හඳුනාගැනීමට නොහැකි වී තිබෙනවා. ඔවුන් මුලින් සිතා ඇත්තේ මෙය මුහුණේ ස්නායු දුර්වල වීමක් හෝ විදුරුමස් ආසාදනයක් කියායි.
ඒත් දිනෙන් දින දරුවාගේ තත්ත්වය අසාධ්‍ය වූ අතර, සෙල්සියස් අංශක 39ක තද උණ, කෙළ ගිලීමේ අපහසුව, සිහිමඳ ගතිය සහ විවිධ මායාවන් පෙනීමේ තත්ත්වයන් මතුවෙන්නට පටන් ගත්තා. පසුව ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිදුකළ විශේෂ පරීක්ෂණවලදී තහවුරු වූයේ, වවුලාගෙන් දරුවාට ජලභීතිකා වෛරසය ශරීරගත වී ඇති බවයි.
ජලභීතිකා රෝග ලක්ෂණ මතු වූ පසු එය 100%ක්ම මාරාන්තික වන බැවින්, වෛද්‍යවරුන්ටද දරුවා බේරා ගැනීමට නොහැකි වූ අතර රෝහල් ගතකර දින 17කට පසු මේ අහිංසක දරුවා මෙලොව හැරගියා.
කැනඩාවේ මෙවැනි සිදුවීම් අතිශය දුර්ලභ වුවත්, වෛද්‍යවරුන් පවසන්නේ වවුලෙකු ශරීරයේ ස්පර්ශ වූ සැණින්, බාහිර තුවාල නොතිබුණද වහාම එන්නත් ලබාගත යුතු බවයි. මෙම පුවත මේ වන විට අන්තර්ජාතික වෛද්‍ය සඟරාවල පවා විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart