
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම සහ දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවට බලපා ඇති බොටම් ට්‍රෝලින් කිරීම වැනි විනාශකාරී භාවිතයන් සම්බන්ධයෙන් වගවීම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඊයේ (10) පැවසීය.
ඉන්දියාව වැනි කලාපීය ක්‍රියාකාරීන් විසින් දේශසීමා හරහා නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම පිළිබඳ ඉහළ යන අභියෝගයට එරෙහිව සටන් කිරීමට හැකියාවක් නොමැති ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට උපකාර කිරීමට එක්සත් ජාතීන්ට කළ හැකි දේ පිළිබඳ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුටරෙස් මෙම ප්‍රකාශ කළේය.
මහලේකම්වරයා පැවසුවේ “නීති විරෝධී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ධීවර සම්පත් යම් සංඛ්‍යාවක් විසින් සූරාකනු ලබන ආකාරය සම්බන්ධයෙන් අපි වඩා හොඳ වගවීමේ ආකාර වර්ධනය කළ යුතුයි. එබැවින්, වගවීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. තවද, අන්තර්ජාතික වගවීමේ යාන්ත්‍රණයන් වැඩි කිරීමට අපි අපගේ උපරිමය කරමින් සිටිනවා, ඒවා අතිශයින් සීමිත හා අකාර්යක්ෂම බව පැහැදිලියි”යනුවෙනි.
තහනම් කරන ලද බොටම් ට්‍රෝලින් තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරය කොල්ලකෑමට සහ උතුරේ මත්ස්‍ය තොග පවත්වා ගැනීමට උපකාරී වන අත්‍යවශ්‍ය සමුද්‍ර පරිසර පද්ධතිවලට හානි කිරීමට ඉන්දියානු ධීවර යාත්‍රා දහස් ගණනක් විසින් මහා පරිමාණයෙන් සිදු කරනු ලබන නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම පාලනය කිරීමට සහ නැවැත්වීමට ශ්‍රී ලංකාව අරගල කරමින් සිටී.
රටවල් දෙක අතර හොඳින් ස්ථාපිත සහ නීත්‍යනුකූලව බැඳී ඇති අන්තර්ජාතික සමුද්‍ර සීමාවක් තිබියදීත්, ඉන්දියාව සිය බොටම් ට්‍රෝලින් භාවිත කරන ධීවරයන් දහස් ගණනකට සතිපතා ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ සලසමින්, ආහාර සුරක්ෂිතතාව සඳහා මුහුද මත යැපෙන ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර දරිද්‍රතාවෙන් පෙළෙන වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් කොල්ලකයි.
මේ අතර, සාගරය සහ සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව අන්තර්ජාතික නීති සම්පාදනය, ජාතික අධිකරණ බලයෙන් ඔබ්බට ඇති ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය සංරක්ෂණය සහ තිරසාර ලෙස භාවිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (BBNJ ගිවිසුම) යටතේ ඇති ගිවිසුම වටා පෙළ ගැසෙන ලෙස ගුටරෙස් සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.
ප්ලාස්ටික් දූෂණය පාලනය කිරීමට, අධික ලෙස මසුන් ඇල්ලීම අඩු කිරීමට සහ දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමට දැන්ම පියවර අවශ්‍ය බව ඔහු පැවසීය.
BBNJ ගිවිසුම ගැන අදහස් දක්වමින් ඔහු පැවසුවේ “මෙම ගිවිසුම අපගේ සාගරයේ විශාල ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා ගත් ඓතිහාසික පියවරක්.
අත්සන් කළ රටවල් 134 සහ ගිවිසුම අනුමත කළ රටවල් 49ට මම සුබ පතනවා. බලාත්මක වීම අපගේ ඇස් ඉදිරිපිට තිබෙන්නේ, ඉතිරි සියලුම රටවලටත් ඔවුන් හා එක්වන ලෙස මම ඉල්ලා සිටිනවා. අපට අත්හරින්න කාලයක් නැහැ” යනුවෙනි.
දේශගුණික විපර්යාස සහ අධික ලෙස මසුන් ඇල්ලීම ගැන කතා කරමින් ගුටරෙස් මෙසේ ද පැවසීය;
“අපි සාගරයේ සම්පත් නෙලා ගන්නා ආකාරය පරිවර්තනය කළ යුතුයි. එය මසුන් ඇල්ලීම ගැන නෙවෙයි, අපි මසුන් අල්ලන ආකාරය ගැනයි. තිරසාර මසුන් ඇල්ලීම තේරීමක් නෙවෙයි, එය අපගේ එකම විකල්පයයි. ළඟා වෙමින් පවතින සන්ධිස්ථානයක් තිබෙනවා, ඉන් ඔබ්බට යථා තත්ත්වයට පත්වීම කළ නොහැකි වෙන්න පුළුවන්. තවද, අපි පැහැදිලිව කියනන අවශ්‍යයයි බලවත් අවශ්‍යතා අපව එම අද්දරට තල්ලු කරන බව. අපි පැහැදිලි සතුරකුට එරෙහිව දැඩි සටනකට මුහුණ දී සිටිනවා. එහි නම තමයි ‘කෑදරකම’. සැකය වපුරන, විද්‍යාව ප්‍රතික්ෂේප කරන, සත්‍යය විකෘති කරන, දූෂණයට විපාක දෙන සහ ලාභය සඳහා ජීවිතය විනාශ කරන කෑදරකම. කෑදරකම අපගේ ග්‍රහලෝකයේ ඉරණම නියම කිරීමට අපට ඉඩ දිය නොහැකියි. ඒ නිසා අපි මේ සතියේ මෙහි සිටිනවා. ඒ එම බලවේගවලට එරෙහිව සහයෝගීතාවයෙන් නැගී සිටීමට සහ අප සැමට අයත් දේ නැවත ලබා ගැනීමට. ආණ්ඩු, ව්‍යාපාරික නායකයන්, ධීවරයන්, විද්‍යාඥයන් සහ සෑම කෙනෙකුටම වගකීමක් සහ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා.”
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart