
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම රාජ්‍ය මුදල් කාරක සභාව ඉදිරියේ පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.
මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වූ කණ්ඩායමක් හේතුවෙන් භාණ්ඩාගාර අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය මුදල් කාරක සභාව අද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබිණි.
කාරක සභාව විසින් ඔහුට සහ අනෙකුත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කළ කැඳවීමෙන් පසු, භාණ්ඩාගාර ලේකම්වරයා අද (30) පස්වරු 1.00ට කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බව මීට පෙර වාර්තා විය.
කෙසේවෙතත් අද දිනයේ පැමිණිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා දන්වා තිබු බවට ද වාර්තා පළවිය.
ඔහු අද කාරක සභාව හමුවට පැමිණීම සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බව කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මීට පෙර සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart