
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආපදා තත්වය හමුවේ බදු ගෙවීම සඳහා ජනතාවට ලබාදී ඇති සහන කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නොවැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කර ඇති පරිදි බදු ගෙවීම සඳහා බදු ගෙවන්නන් වෙත සතියක සහන කාලයක් ලබාදී ඇති බවයි.
එහෙත් පවුල් ලක්ෂ 4.5 කට වැඩි ප්‍රමාණයක් පවතින ආපදා තත්වයෙන් දැඩි ලෙස පීඩවට පත්ව සිටින බවත්, ලක්ෂ 18 ක පමණ පිරිසකට ඉන් බලපෑම් එල්ල වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ තවමත් ළඟා විය නොහැකි ප්‍රදේශ පවා පවතින බැවින් එවැනි තත්වයන් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳ සිතාබලා මේ වසරේ අග දක්වා හෝ සහන කාලයක් ලබා දිය යුතු බවයි.
මෙම අසීරු අවස්ථාවේ වැදගත් වන්නේ දේශපාලනය නොවන බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart