
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය 2025 නවතම ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 98 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.
විවිධ සාධක හේතුවෙන් ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේදී ස්ථාන හයක් පහත වැටුණද, ජූලි මාසයේදී හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 96 වැනි ස්ථානයේ සිට 91 වැනි ස්ථානය දක්වා ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබිණි.
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය 2025 රටවල් ශ්‍රේණිගත කරන්නේ පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව තම රටවැසියන්ට ඇතුළු විය හැකි ගමනාන්ත ගණන අනුව ය.
වර්තමානයේ, ශ්‍රී ලංකාවට ලෝකයේ ගමනාන්ත 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ඇති අතර, ශ්‍රී ලාංකිකයන්ට තවත් ගමනාන්ත 185කට ඇතුළු වීමට වලංගු වීසා බලපත්‍රයක් අවශ්‍ය වේ.
මේ අතර, සිංගප්පූරුව දර්ශකයේ ඉහළින්ම සිටින අතර, එහි පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව ගමනාන්ත 193කට ගමන් කළ හැකිය.
දකුණු කොරියාව රටවල් 190කට වීසා රහිත ප්‍රවේශය සමඟ දෙවැනි ස්ථානයේ සිටින අතර ජපානය රටවල් 189කට ප්‍රවේශය සමඟ තුන්වැනි ස්ථානයේ සිටී.
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ වසර 20ක ඉතිහාසයේ පළමු වතාවට, එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රය ඉහළම 10 දෙනාගෙන් ඉවත් වී ඇති අතර, 12 වැනි ස්ථානයට පත්ව මැලේසියාව සමඟ සම ස්ථානය බෙදා ගනිමිනි සිටී.
රුසියානු විදේශ ගමන් බලපත්‍රය ද පසු බැසීමක් දක්නට ලැබුණේ 46 වැනි ස්ථානයේ සිට 50 වැනි ස්ථානය දක්වා යමිනි.
දැන් රුසියාව වෙනිසියුලාව සහ මෝල්ඩෝවාට පසුව සිටී.
ලැයිස්තුවේ අනෙක් කෙළවරේ, ඇෆ්ගනිස්ථානය දර්ශකයේ පහළම ස්ථානයේ පසුවන අතර, රටවල් 24කට පමණක් ප්‍රවේශ විය හැකි අතර, සිරියාව (රටවල් 26) සහ ඉරාකය (රටවල් 29) ඉන් ස්ථාන දෙකක් ඉදිරියේ සිටී.
ඉන්දියාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 දී 85 වැනි ස්ථානයට පහත වැටී ඇති අතර එය පෙර වසරට වඩා ස්ථාන පහක පහත වැටීමකි.
ගෝලීය සංචාරක ප්‍රතිපත්තිවල සහ ඉන්දියාවේ විකාශනය වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වෙනස්කම් පිළිබිඹු කරමින්, කාලයත් සමඟ රටේ ශ්‍රේණිගත කිරීම සැළකිව යුතු උච්චාවචනයන්ට ලක්ව තිබේ.
අසල්වැසි පාකිස්ථානය 103 වැනි ස්ථානයේ සිටින අතර, එහි විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගමනාන්ත 31කට වීසා රහිත ප්‍රවේශය භුක්ති විඳිය හැකිය.
වීසා රහිත ගමනාන්ත 38ක් සමඟ බංග්ලාදේශය 100 වැනි ස්ථානයේ පසුවන අතර, රටවල් 36කට ප්‍රවේශය ලබා දෙමින් නේපාලය 101 වැනි ස්ථානයේ පසුවේ.
භූතානය 92 වැනි ස්ථානයේ පසුවන අතර, එහි පුරවැසියන්ට වීසා නොමැතිව රටවල් 50කට ගමන් කිරීමට ඉඩ සලසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart