
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කළ සිදුවීමේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 42 හැවැරදි වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හිටපු යුද හමුදා සෙබළෙකි.
කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල පිය තිස්සට සහ පොලිස් පරීක්ෂක රූක්ෂාන්වෙත ලද තොරතුරකින් කියවී ඇත්තේ නාඳුනන යුවළක් කෑගල්ල නගරයේ වසාදමා තිබෙන සමාජ ශාලාවක දිගු කලක් නවාතැන් ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවයි.
ඒ අනුව එම ස්ථානය වැටළීමේදී සැකකරු සමග තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ දික්පිටිගොඩ ලහිරු සහ පලනි රිමෝශන්ගේ කීම මත ඩෑන් ඝාතනය කළ බවයි.
එයට අමතරව මහබාගේ ප්‍රදේශයේදී වැල්ලේ සාරංග නමැත්තාගේ කීම මත පුද්ගලයකු ඝාතනය කිරීමට ගොස් එම අවස්ථාවේදී ගිනිඅවිය ක්‍රියා විරහිත වී ඇති බවද අනාවරණය වී තිබේ.
සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය 12g293mg, ප්‍රමාණයක් සහ කාන්තාව සතුව අයිස් මත්ද්‍රව්‍ය 4g400mg සොයාගෙන ඇත.
එයට අමතරව පොලිස් නිලධාරීන් විසින් වසාදමා තිබූ රාත්‍රී සමාජ ශාලාව පරීක්ෂා කිරීමේදී එහි තිබී විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි කාටන් හැටදෙකක්,ගජමුතු බවට සැකකෙරෙන ද්‍රව්‍ය පහක් සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart