
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ඉදි කරද්දී හානියට පත්වූවන්ගේ ගැටලුවට විසඳුම් ලබාදෙනතුරු කොන්ත්‍රාත් සමාගමේ අවසන් ගෙවීම නතර කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අද (10) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී එකඟතාවය පළකළේය.
අධිවේගී මාර්ගය ඉදි කරද්දී හානියට පත්වූ නිවාස හිමියන්ගේ එකමුතුවේ කැඳවුම්කරු සංජීය කුලතිලක, 2021 වසරේ දී කර තිබූ පැමිණිල්ලක් අද මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ, නීති නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් ඉදිරියේ කැඳවීය.
ඒ සඳහා අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරමින් නීතිඥ සුරෙන් ඩි. පෙරේරා, වින්දිත පවුල් 30ක පමණ සාමාජිකයන් පිරිසක් සහභාගි වූ අතර, නිරීක්ෂකයන් ලෙස මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු ඇතුළු කිහිපදෙනෙක්ද සහභාගී වී සිටියහ.
වගඋත්කාර ආයතන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකරිය, භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශ සහ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කැඳවා තිබුණු අතර භූවිද්‍යා කාර්යංශය හැර සෙසු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ.
එහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ සංජීව කුලතිලක, වගඋත්තරකාර ආයතන වගකීම් පැහැර හැරීම නිසා නිවාස 650කට හානි වූ අන්දම පැහැදිලි කළේය.
2017 වසරේ සිට අදාළ ආයතනවලට පැමිණිලි කළ ලිපි පෙන්වාසිටි ඔහු, ආයතන වගකීම ඉටුකර නැති නිසා තම නිවාසවලට බරපතල හානි සිදුවී ඇති බව අවධාරණය කළේය.
මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් ඉංජිනේරු ලක්මාල් බණ්ඩාරනායක ඇතුළු පිරිසක් පැමිණ සිටි අතර, ඔහු ප්‍රකාශ කළේ, මෙම සිදුවීම ගැන සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්කර ඇති බවයි.
එම කමිටුව ලබන 31 වැනිදා වන විට සියලු කරුණු සොයා බලා වාර්තාවත් සකස් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මධ්‍යම පරිසර අධිකාරිය නියෝජනය කරමින් පැමිණි නිලධාරිය කරුණු දක්වමින් ප්‍රකාශ කළේ සිද්ධියට අදාළව ලැබුණු පැමිණිලි මාර්ග සංවර්ධන අධිකාරියට යොමු කර ඇති බවයි.
අදාළ කටයුතු නිතර නිරීක්ෂණය කිරීමට ප්‍රායෝගිකව හැකියාවත් නොමැති බව ඇය කීවාය.
ඊට පිළිතුරු දෙමින් පැමිණිලිකාර පාර්ශ්වය පෙන්වාදුන්නේ මෙම ව්‍යාපෘතියේ බාහිර නිරීක්ෂණ ආයතනය ලෙස සඳහන් කර ඇති මධ්‍යම පරිසර අධිකාරිය කාර්තුවකට වරක් නිරීක්ෂණය කිරීමට යා යුතු බව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ සඳහන් වන බවයි.
කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ තමන්ට ලැබුණු පැමිණිලි සියල්ල අදාළ වෙනත් ආයතන වෙත යොමු කළ බවයි.
සියලු කරුණු සැළකිල්ලට ගත් මානව හිමිකම් කොමිසම, මාර්ග සංවර්ධන අධිකාරිය පත් කර ඇති කමිටුව හමුවේ කරුණු දැක්වීමට පැමිණිලි පාර්ශ්වයට අවස්ථාව දෙන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම්දුන් අතර, අදාළ කමිටු වාර්තාවේ පිටපතක් කොමිසමට ලබාදෙන ලෙස ද දැනුම් දුන්නේය.
එසේම ජනවාරි 17 වැනිදාට පෙර සිද්ධියට අදාළ සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අතර, සිද්ධියෙහි වර්තමාන තත්ත්වය ගැන ලිඛිත කරුණු දැක්වීමක් කරන ලෙස පැමිණිලි පාර්ශ්වයට දැනුම් දුන්නේය.
වැඩිදුර විභාගය පෙබරවාරි 05, 06,07 යන දිනවලින් එකකදී කැඳවීමට තීන්දු කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart