
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම සැප්තැම්බර් 02 වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ “වසරක ප්‍රගතිය” සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙම වසරේදී තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා එහිදී පැවැසීය.
රබර් ආශ්‍රිත අපනයනයෙන් ඩොලර් මිලියන 900ක ආදායමක් ද, පොල් ආශ්‍රිත අපනයනවලින් ඩොලර් මිලියන 700ක ආදායමක් ද මේ වසරේ අපේක්ෂා කරන බවත් කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව නැවත ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බවත් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart