
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහාමාර්ගයක මෝටර් වාහනයක් ධාවනය කරනු ලබන රියදුරකු විසින් මත්ද්‍රව්‍ය කිසිවක් ගෙන ඇති බවට පොලිස් නිලධාරියෙකු විසින් සැකකරනු ලබන අවස්ථාවක පරීක්ෂා කරනු ලැබීම සඳහා එම තැනැත්තා ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරනු ලැබීම නීත්‍යානුකූල විය යුතු බව මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ දක්වා තිබේ.
එහෙත්, එකී නිශ්චය කිරීම සඳහා පරීක්ෂණයක් පවත්වනු ලැබිය හැකි ක්‍රමය සහ ආකාරයත්, මත්ද්‍රව්‍ය ගෙන ඇතැයි සලකනු ලැබිය යුතු මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයේ ප්‍රමාණය පිළිබඳව විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කර නොතිබිණි.
එබැවින්, මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පදවනු ලබන රියදුරන් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ 2025 අංක 01 දරන මෝටර් වාහන (මත්ද්‍රව්‍ය) නියෝග, අංක 2452/40 හා 2025‑09‑04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.
එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart